අකුරක් නෑරම ලාංකිකයි ... !

Banner 468

මෝඩ මිනිස්සු

Posted by සිංහල කෙටි කතා on - -



මේ දවස් වල අපේ රටේ කිරිපිටි අවුල ගැන ඉතින් නොදන්නා කෙනෙක් නැනේ ... නවසිලන්තෙන් ගෙන්නන කිරිවල ඩි සී ඩි රසායනික තියනවයි කියල රට ඇතුලට ගන්න අවසර දුන්නේ නැනේ..

ඉතින් දැන් ඕව ගොඩ ගහගෙන පරීක්ෂණ කරනවලු .... ඉතින් ඔය පරීක්ෂණ ඉවර වෙලා එවල ඔය කියන රසායනිකය අඩංගු වෙලා නැත්තම් තමයිලු නිදහස් කරන්නේ තිබ්බොත් ඉතින් ඒ වර්ගය තහනම් කරනවලු ...

කොහොමින් හරි ඔය හේතුව නිසා දේශීය කිරි ගොවියාට ටිකක් තැනක් ලැබිල තියන එක ගැන අපි සතුටු වෙන්න ඕනි...

එකය වැඩේ කියන්නේ .... අපේ මෝඩ අම්මන්දිලට තේරෙන්නේ නැ කිරි පිටි තහනම් කරේ උන්ගෙයි උන්ගේ ළමයින්ගෙයි හොදට කියල....
උන් ළමයිනුත් උස්සගෙන පාරට බැහැල රටේ කිරිපිටි හිඟයක් තියනවා ... ජනපති තුමනි අපිට කිරි ඕනි කියා කියා පිකටින් කරනවා... අනිච්චේ දුක්කේ මුන්ගේ මෝඩ කම කට කියන්නද ?
ඇයි අත්දෙය්යනේ අරෙහෙන් කිරිපිටි නවට්ටන් ඉන්නකොට කිරි පිටි හිඟයක් ඇති වෙනවා නේන්නම් ...අනික ජනපති තුමා මක්ක කොරන්නද?
උන්ගේම හොදටයි කරේ අන්තිමට බැනුනුත් ජනපතිටමයි ...
අනේ මේ වගේ වෙලාවට ජනපති තුමාටත් හිතෙනවනම් ඔන්න ඔහේ මැරිලා යන්න හරි අයෙමත් දීල දන්නා කියල නේද?

පොඩ්ඩක් හිතල බලන්නකෝ