අකුරක් නෑරම ලාංකිකයි ... !

Banner 468

කාලය සාපෙක්ෂද ?

Posted by සිංහල කෙටි කතා on - -



සාපේක්ෂතා වාදයේ පිය ලෙස අපි හදුන්වන මහා විද්‍යවේදියා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ..
ඉතින් මෙයාගේ එක පරීක්ෂණයක් මගේ හිතට මාර විදියට ඇල්ලුවා ...

එක තමයි කාලය සාපේක්ෂයි කියල මෙය ඔප්පු කරන්න හදපු විදිය...

මේක ගැන දන්නේ නැති අයටනම් හිතෙයි එක්කෝ මට පිස්සු නැත්තම් අපේ ලොක්කට පිස්සු කියල...හැබැයි එය එක පරික්ෂ කරපු විදියෙන්නම් මටත් හිතෙන්නේ එක ඇත්ත කියල...

අපි හැමෝම කාලය සාපේක්ෂ න කියල හිතගේනනේ වැඩ කරන්නේ .. ඒ කියන්නේ අපි වැඩ කරන්නේ කාලයට අනුව ...සාපේක්ෂයි කියල කියන්නේ අපිට එක මත වැඩ කරන්න බ හැම තිස්සෙම

උදාහරණයක් ගත්තොත් ... මුදල්..
අපි ලංකාවේ පාවිච්චි කරන්නේ රුපියල් ඇමරිකාව සහ ලෝකෙම පිළිගත් මුදල් වර්ගය ඇමරිකානු ඩොලර් ...

ඉතින් ඇමරිකානු ඩොලර් 1 ලංකාවේ රුපියල් 130 විතර වෙනවා ...
ඉතින් අපිට මුදල කියන එකේ වටිනාකම හරියට රුපියල් 100 කියල කියන්න බැ මොකද වෙන වර්ගේකින් එක වෙනත් ගානක් ..අන්න ඒ වගේ දේවල් වලට තම අපි සාපේක්ෂයි කියල කියන්නේ...

ඒ උනාට අපේ ලෝකේ ගට්ටම කාලය සාපේක්ෂයි කියල කියල න මොකද කාලයේ එක තත්ත්පරයක කාලය ලෝකේ කොහේ බැලුවත් එකයි...

ඒ උනාට අපේ ලොක්ක කියනවා අපි ආලෝකයේ වේගයෙන් ගමන් ගනිද්දී අපිට කාලය හරහා යන්න පුළුවන් කියල...

ඒ කියන්නේ කාලයත් සාපේක්ෂයි...නිකන් පිස්සු වගේ නේද මටත් නිකන් මුලින්ම මේ ගැන දැනගද්දී එහෙම හිතුන...එත මේ පහල තියන විඩියෝස් ටික බැලුවම ටිකක් තේරුම් යයි බලන්නකෝ

ඔයාලට ටිකක් හරි තෙරුනනම් මට ලොකු දෙයක්...

මෙත් එක්කම මට මතක් උන අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්..
මේක ඕනි කෙනෙක් අහල තිබ්බත් කුරුත් වැඩිය හිතුවේ නැති දෙයක්...
 ඒ තමයි

බුදු රජාණන් වහන්සේ දේශනා කලා දිව්‍ය ලෝකයේ එක අවුරුද්දක් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු කල්පයකට ආසන්නයි කියල..ඉතින් මේකෙනුත් පේනවා නේද ලෝකයේ දැනට බිහි වූ ශ්‍රේටතම විද්වතත් මේ කාලය සාපේක්ෂ බව කියල තියෙන්නේ කියල...

මේකට අනුව දිව්‍ය ලෝකය කියන්නේ අපිට වැඩේ වෙනස් ප්‍රවේගයක් සහිත ලෝකයක්....

මේ ගැන ටිකක් හොයල බලන එක හොදයි. වගේ නේද ...?

මට නම මර ත්‍රිල් එකක් දැනෙනවා ලොල්...


පස්සේ සෙට් වෙමු..